මහබැංකු අධිපති විසින් ජනතාවට දුන් සුභාරංචිය

අප්‍රේල් මාසය වනවිට ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රමවේදය නිවේදනය කිරීමට බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.
වාණිජ ණයහිමියන් සමඟ පැවැත්වෙන සාකච්ඡා තවත් කඩිනම් කිරීමටද බලාපොරොත්තු වන බවත්, ශ්‍රී ලංකාවට ලබාදීමට නියමිත මූල්‍ය පැකේජයේ පළමු සමාලෝචනය මාස 6කදී සිදුකිරීමට නියමිත බවත්, ඊට පෙර අදාළ සාකච්ඡා සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට හැකිවනු ඇති බවත් මහ බැංකු අධිපතිවරයා කියා සිටී.
ශ්‍රී ලංකාවට බොහෝවිට මාර්තු 20 වනදා වනවිට විස්තීරණ මූල්‍ය පහසුකම ලැබෙනු ඇති බවට අනුමාන කරන බව විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් පවසයි.
206 Views
Comments