මඩකලපු නාගරාන්තර දුම්රියේ ආපනශාලාවේ කෑම වල කැරපොත්තෝ
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
02

මඩකලපු නාගරාන්තර දුම්රියේ ආපනශාලාවේ කෑම වල කැරපොත්තෝ

මඩකලපු නාගරාන්තර දුම්රියේ ආපනශාලාවේ කෑම වල කැරපොත්තෝ

ඊයේ (01) රාත්‍රී 8.15 ට මඩකලපුවේ සිට කොළඹ බලා පිටත් වීමට නියමිතව තිබූ නාගරාන්තර සීඝ්‍රගාමී දුම්රියේ ආපනශාලාව සෞඛ්‍ය අංශ විසින් හදිසියේම වටලා තිබේ.

 

මෙහිදී සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විසින් මගීන්ට අලෙවි කිරීමට සූදානම් කර තිබූ මිනිස් පරිභෝජනයට නුසුදුසු ආහාර ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් සොයා ගෙන ඇති අතර සමහර ආහාර ද්‍රව්‍යවල කැරපොත්තන් ද තිබී සොයා ගෙන ඇති බව සඳහන් වේ.

 

සොයා ගන්නා ලද පරිභෝජනයට නුසුදුසු මෙම ආහාර ද්‍රව්‍ය මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර අලෙවිසැලේ ක්‍රියාකරුට එරෙහිව නඩු පවරා තිබෙන බව වැඩිදුරටත් වාර්තා වේ.

views

262 Views

Comments

arrow-up