FEB
23
අන්තරේ අධ්‍යාපන අමාත්‍යාංශය තුළට කඩා වැදී විරෝධතාවයක

අන්තර් විශ්වවිද්‍යාල භික්ෂු බලමණ්ඩලය විසින් හෝමාගම බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාල යළිත් සියලු සිසුන්ට විවෘත කරන ලෙස බලකරමින් බත්තරමුල්ල අධ්‍යාපන අමාත්‍යාංශය තුළට පිවිස මේ වනවිට විරෝධතාවක් ආරම්භ කර තිබේ.
අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ඇතුළු භික්ෂූන් වහන්සේලා පිරිසක් පා ගමනින් පැමිණ අමාත්‍යාංශය තුළට ඇතුළුවී එම පරිශ්‍රය තුළ විරෝධතාවයක් ආරම්භ කර ඇති බව තොරතුරු වාර්තා වේ.
245 Views
Comments