යටියන්තොට නිධන් හෑරූ පස් දෙනෙක් දැලේ
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
16

යටියන්තොට නිධන් හෑරූ පස් දෙනෙක් දැලේ

යටියන්තොට නිධන් හෑරූ පස් දෙනෙක් දැලේ

යටියන්තොට පොලිසියට ලද තොරතුරක් මත මත සිදු කළ වැටලීමකදී යටියන්තොට ගිනිකොළ වත්ත ප්‍රදේශයේ පිහිටි සිරියහන් වත්ත නැමැති ඉඩමේ නිධන් හෑරීමට ගිය ඇදුරෙකු සහ තවත් පුද්ගලයන් හතරදෙනෙකු යටියන්තොට පොලිසියේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

 

ඇදුරා දඹුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර වයස අවුරුදු හතළිස් දෙකක් 56 ත් අතර වයසේ පසුවන අනෙක් සැකකරුවන් යටියන්තොට ප්‍රදේශයේ පදිංචිකරුවන් බව පොලිසිය පවසයි.

 

සැකකරුවන් අද පෙරවරුවේ රුවන්වැල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දින දාහතරක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මහේස්ත්‍රාත්වරයා විසින් නියෝග කර තිබේ.

views

221 Views

Comments

arrow-up