විදුලි බිල වැඩිවීමෙන් අසරණ වන පාර්ශ්ව කිපයකට ආධාර

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් නව විදුලි ගාස්තු සංශෝධනයත් සමග පාර්ශ්ව කිහිපයක් වෙනුවෙන් සහන ලබාදීමට විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයාට මෙන්ම අදාළ නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇති බව වාර්තා වේ.
ජනාධිපතිවරයා මෙසේ උපදෙස් දී ඇත්තේ මහජන උපයෝගිතා කොමිසම විසින් අනුමත කළ විදුලිබල මණ්ඩලයේ ගාස්තු සංශෝධනය ක්‍රියාත්මක කිරීමත් සමග විදුලි පාරිභෝගිකයන්ට අඛණ්ඩව විදුලිය සැපයීමටත්, අඩු ආදායම්ලාභී පවුල් වෙත සහන සැලසීමට සහ ආගමික ස්ථාන සහ රජයේ අධ්‍යාපන ආයතන සඳහා සූර්ය පැනල ලබා දෙන ලෙසටත් නියෝග කරමිනි.
231 Views
Comments