හෙරොයින් සමග වැල්ලවායේදී සැකකරුවෙක් දැලේ
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
16

හෙරොයින් සමග වැල්ලවායේදී සැකකරුවෙක් දැලේ

හෙරොයින් සමග වැල්ලවායේදී සැකකරුවෙක් දැලේ

වැල්ලවාය ආනපල්ලම ප්‍රදේශයේ දී වැල්ලවාය පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් විසින් කළ වැටලීමක දී හෙරොයින් සහ කේරළ ගංජා සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.

 

අත්අඩංගුවට පත්වූ මෙම සැකකරු ආනපල්ලම ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 24 ක පුද්ගලයකු වන අතර ඔහු සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 5 කුත් මිලි ග්‍රෑම් 600 ක් සහ මුදලින් රුපියල් තිස් දහස් තුන්සීයක් ද කේරළ ගංජා ග්‍රෑම් තිහක් ද පොලිස් නිලධාරීන් විසින් සොයාගෙන ඇත.

 

සැකකරු මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර සිද්ධිය සම්බන්ධයෙන් වැල්ලවාය පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.

views

194 Views

Comments

arrow-up