බූරු ගැසූ වනිතාවෝ නවයක් කොටු වෙති
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
16

බූරු ගැසූ වනිතාවෝ නවයක් කොටු වෙති

බූරු ගැසූ වනිතාවෝ නවයක් කොටු වෙති

දීර්ඝ කාලයක සිට බේරුවල අඹේපිටිය ප්‍රදේශයේ නිවසක රාත්‍රී කාලයේ පවත්වාගෙන ගිය බූරු පොලක් ගැන පොලිසියට ලැබුණු තොරතුරක් මත කළ වැටලීමකදී කාන්තාවන් නවදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

 

මෙම සියලු කාන්තාවන් විවාහක අය වන අතර දරුවන් සිටින මව්වරු බවද පොලිසිය අනාවරණය කරගෙන තිබේ. මුදල් පොලියට දෙන කාන්තාවන් කිහිප දෙනෙකු ද බූරුවා ගැසීමට පුරුදුව සිටින බවත් ඔට්ටු වලින් පරදින කාන්තාවන්ට ඒ මොහොතේදීම මුදල් පොලියට දීමේ ජාවාරමක් මෙම සූදු පිටිය තුල සිදුවන බවත් හෙළි වී තිබේ.

 

මෙම බූරු පොළෙහි ජංගම දුරකතන ද සහිතව ඔත්තු බැලීම සඳහා දෛනිකව මුදල් ගෙවීමේ පදනම මත වයස අවුරුදු 70 ක කාන්තාවක් සහ වයස අවුරුදු 65 ක් වන පිරිමියෙකු ද යොදවා තිබූ බවද පොලිසිය කියයි.

 

අත්අඩංගුවට ගත් කාන්තාවන් නවදෙනා පොලිස් ඇප මත මුදා හැර ඇති අතර කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් තිබේ.

views

200 Views

Comments

arrow-up