මීගමුව රෝහලේ යකා නැටූ තිදෙනෙක් පොලිස් භාරයට
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
16

මීගමුව රෝහලේ යකා නැටූ තිදෙනෙක් පොලිස් භාරයට

මීගමුව රෝහලේ යකා නැටූ තිදෙනෙක් පොලිස් භාරයට

මීගමුව රෝහලට ප්‍රතිකාර සඳහා රැගෙන ආ රෝගියෙකුට ප්‍රතිකාර කිරීම ප්‍රමාද වූ බව කියමින්, එම රෝහලේ වෛද්‍යවරයෙකුට, කාර්ය මණ්ඩලයේ සාමාජිකයෙකුට සහ රෝහල් පොලිසියේ නිලධාරියෙකුට දෝෂාරෝපණය කරමින් තර්ජනය කළ සැකකරුවන් තිදෙනෙකු ලබන 28 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.

 

රෝහලේ ලක්ෂ දෙකක් පමණ වටිනා දේපළ වලට අලාභ හානි සිදුකළ බව කියන මෙම සැකකරුවන් තිදෙනා දාගොන්න සහ කටුවැල්ලේගම ප්‍රදේශවල පදිංචිකරුවන් බව සඳහන් වේ.

 

මීගමුව පොලිසිය සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ සිදුකරයි

views

201 Views

Comments

arrow-up