ආදරණීයයන් හැර දමා ලෙබනනය බලා ගිය ලාංකීය යුද විරුවෝ
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
02

ආදරණීයයන් හැර දමා ලෙබනනය බලා ගිය ලාංකීය යුද විරුවෝ

ආදරණීයයන් හැර දමා ලෙබනනය බලා ගිය ලාංකීය යුද විරුවෝ

ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ අතුරු බලකායෙහි (UNIFIL) සාමසාධක රාජකාරීන් සඳහා  ශ්‍රී ලංකා යුද්ධ හමුදා 14 වන මූලස්ථාන ආරක්ෂක භට කණ්ඩායම (SLFPC) අද (02) දින පෙරවරුවේ දිවයිනෙන් පිටත්ව ගියහ.

 

ශ්‍රී ලංකා හමුදා ආරක්ෂක කණ්ඩායම නිලධාරින් 10 ක්, සහ සෙසු නිලයින් 115 දෙනෙකු ඇතුලුව යුද්ධ හමුදා සාමාජිකයින් 125 දෙනෙකුගෙන් සමන්විත අතර ඊට ලුතිනන් කර්නල් ඩී.පී.අයි.ටී කළුඅග්ගල අණදීම සිදුකරන අතර, මේජර් ඩබ්ලිව්.එම්.සී.කේ වන්නිනායක දෙවන අණදෙන නිලධාරී වශයෙන් කටයුතු කරනු ලබයි.

 

මෙම ආරක්ෂක භට කණ්ඩායම සඳහා මත්ද්‍රව්‍ය, පුපුරණ ද්‍රව්‍ය සහ බිම්බෝම්බ හඳුනාගැනීම සඳහා මනා පුහුණුවක් ලබා ඇති සුනඛයින් වන ෆ්‍රෑන්ක් (Frank) - (German Shepherd), ‘ජුපීටර්’ (Jupiter) - (Golden Retriever), ටයිගර්’ (Tiger) -  (German Shepherd) සහ ලීනා’ (Leena) - (German Shepherd) ඇතුලත් වේ.

 

යුද්ධ හමුදාධිපතිවරයා නියෝජනය කරමින් යුද්ධ හමුදා විදේශ මෙහෙයුම් අධ්‍යක්‍ෂ මණ්ඩලයේ අධ්‍යක්‍ෂ මේජර් ජෙනරල් අසංග පෙරේරා ඇතුළු යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ  නිලධාරීන් කිහිප දෙනෙකු දිවයිනෙන් පිටත්ව යන ආරක්‍ෂක භට කණ්ඩායම වෙත සුබ පැතුම් පිරිනැමීමට ගුවන් තොටුපළ වෙත පැමිණ සිටිහය.

 

14 වැනි මූලස්ථාන ආරක්‍ෂක භට කණ්ඩායම විසින් ලෙබනනයේනකෝරා’ (Naqoura) හි පිහිටි එක්සත් ජාතීන්ගේ අතුරු බලකායේ මූලස්ථානයට සහ ප්‍රභූවරුන් වෙත ආරක්‍ෂාව සැපයීමේ සාමසාධක රාජකාරීන් සඳහා පිටත්ව ගිය අතර, ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ අතුරු බලකායේ 13 වන මූලස්ථාන ආරක්‍ෂක භට කණ්ඩායම ඉකුත් 01 වැනිදා  දින මෙරටට පැමිණියහ.

 

 

views

233 Views

Comments

arrow-up