බීමත් රියදුරෙකු නිසා යක්කල දී මාරක අනතුරක්

හබරණ පොලිස් ස්ථානයේ රථ වාහන අංශයේ සේවයෙහි නියුක්ත පොලිස් නිලධාරියෙකු ඉකුත් දින ගලෙන්බිඳුනුවැව විවාහ මංගල්‍ය උත්සවයකට සහභාගී වී නැවත නිවස බලා පැමිණෙන අවස්ථාවේ දී යක්කල, මෙගොඩවැව 16 කණුව ප්‍රදේශයේ දී ඔහුගේ කැබ් රථය ගසක ගැටීමෙන් අනතුරකට ලක්ව ඇත.
අනතුර සිදුවූ අවස්ථාවේදී කැබ් රථයේ රියදුරු පමණක් කැබ් රථය තුළ සිටි බවත්, ඔහුට කැබ් රථයේ වේගය පාලනය කර ගැනීමට නොහැකි වීමෙන් මෙම අනතුර සිදුවී ඇති බවටත් ආරංචි මාර්ග වාර්තා කරයි.
වැඩිදුරටත් වාර්තා වී ඇත්තේ රියදුරු කැබ් රථය පදවා ඇත්තේ අධික බීමතින් බවත් කැබ් රථයට දැඩි අලාභහානි සිදු වුවත් කැබ් රථය පැදවූ රියදුරු හට මෙම අනතුරෙන් කිසිදු හානියක් සිදුවී නොමැති බවයි.
236 Views
Comments