වේයන්ගොඩ කර්මාන්තශාලාවක යන්ත්‍රයක් තුළ හිස සිරවී සේවකයෙකු මරු දකී

කාඩ්බෝඩ් කම්හලක සේවය කරමින් සිටි සේවකයකු එහි යන්ත්‍රයකට හසු වී මියගොස් ඇති බව පල්ලේවෙල පොලිසිය කියයි.
එලෙස මියගොස් ඇත්තේ මැදගම්පිටිය නාපලන පාරේ පදිංචි 25 හැවිරිදි කාවින්ද රහුල් නමැති තරුණයෙකි.
වේයන්ගොඩ මුද්දරගම පිහිටි මෙම කාඩ්බෝඩ් කම්හලේ යන්ත්‍ර ක්‍රියාකාරු සේවය කරන අතරතුර එම යන්ත්‍රයේ ඇරෙන වැහෙන කොටසට ඔහුගේ හිස හසු වී සිරවීමෙන් තුවා ලබා සිටියදි සෙසු සේවකයන් ඔහු රෝහලට රැගෙන ගොස් ඇත.
ඒ වන විටත් ඔහු මියගොස් ඇති බව පොලිසිය පවසයි.
215 Views
Comments