විදෙස් තරුණියකට අතවර කිරීමට තැත් කළ කිරින්දේ ධීවරයාට වැඩ වරදී

එංගලන්ත ජාතික තරුණ කාන්තාවකට ලිංගික අතවර කළ බව කියන 38 හැවිරිදි මාගම ප්‍රදේශයේ පදිංචි ධීවරයෙකු කිරින්ද පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වේ.
මෙම කාන්තාව මවුපියන් සමග කිරින්දට පැමිණ ගොඩාන හංදිය සීමාවේ නවාතැනක් ලබාගැනීම සඳහා ගොස් තිබෙන අතර ඇය අදාල නවාතැන් පොල ඉදිරිපිට මාර්ගයේ සිටියදී මහ මග ගමන් ගත් පුද්ගලයෙකු තමා අසලට පැමිණ තමා බදාගෙන බලහත්කාරයෙන් සිප වැළඳ ගත් බවත්, එම පුද්ගලයා සමග පොර බැඳීමේදී ඔහු පලාගිය බවත්, ඉන් අනතුරුව මෙම කාන්තාව අදාල පුද්ගලයාට අයත් එම ස්ථානයේ වැටී තිබූ ජංගම දුරකථනයද කිරින්ද පොලීසියට බාර දෙමින් මෙම පැමිණිල්ල සිදු කර තිබෙන බවත් සඳහන් වේ.
මෙම ජංගම දුරකථනයේ තිබූ ඡායාරූප ඔස්සේ පරීක්ෂණ පැවැත්වූ කිරින්ද පොලිසියේ නිලධාරීන් පිරිසක් විසින් සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු අද (23) තිස්සමහාරාම අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.
199 Views
Comments