හොරණ රෝහලේ විදුලි පංකාවක් කඩා වැටීමෙන් රෝගීන් දෙදෙනෙකුට තුවාල

හෘද රෝග සඳහා ප්‍රතිකාර ගැනීමට හොරණ රෝහලට පැමිණි රෝගීන් දෙදෙනකුගේ හිස මතට විදුලි පංකාවක් කඩාවැටීමෙන් ඔවුන් දෙදෙනා හදිසි ප්‍රතිකාර සඳහා යොමුකර ඇති බව කරුණු වාර්තා වේ.
එක් රෝගියෙකුගේ හිස මතටත් අනෙක් රෝගියාගේ හිස සහ කන මතටත් මෙම විදුලි පංකාව කඩා වැටීමෙන් තුවාල සිදුවී ඇත.
මෙම අනතුරට මුහුණ පෑ රෝගීන් දෙදෙනා පවසා සිටින්නේ මෙම විදුලි පංකාව ඉතා ශබ්දයෙන් ක්‍රියාත්මක වෙමින් තිබූ අතර එකවරම එය තමන් මතට කඩා වැටුණු බවයි.
එමෙන්ම රෝගීන් තවදුරටත් චෝදනා කර සිටින්නේ රෝහලේ නඩත්තු කටයුතු නිසියාකාරව සිදු නොවීම තුළින් මෙවැනි දෑ සිදු වන බවයි.
235 Views
Comments