උතුරු පළාතේ ආසාදිත ගවයින් සංඛ්‍යාව තවත් ඉහළ යයි

උතුරු පළාතේ සමේ ගැටිති රෝගය වැළඳුණු ගවයින් හා මී ගවයින් සංඛ්‍යාව මේ වන විට 350 ක් දක්වා ඉහළ ගොස් තිබේ. සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය හේමාලි කොතලාවල මහත්මිය සඳහන් කළේ, මේ හේතුවෙන් උතුරු පළාතෙන් වෙනත් පළාත්වලට ගවයින් ප්‍රවාහනය තාවකාලිකව අත්හිටවූ බවයි.
කිනිතුල්ලා,මැක්කා සහ මදුරුවන් වැනි සතුන්ගෙන් මෙම වෛරසය පැතිර යන අතර ගවයින්ට තද උණ, සමෙහි ගැටිති මතු වීම මෙහි රෝග ලක්ෂණ වේ. මෙම වෛරසය ආසාදනය ගවයින්ගෙන් වෙනත් සතෙකුට හෝ මිනිසුන්ට සිදු නොවේ.
සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය හේමාලි කොතලාවල මහත්මිය වැඩිදුරටත් කියා සිටියේ, 2020 වසරේදී උතුරු පළාතෙන් මුල්වරට මෙම රෝගය හඳුනාගත් අතර ගවමස් හෝ එළකිරි පරිභෝජනයට මෙමගින් කිසිදු ගැටළුවක් ඇති නොවන බවයි.
252 Views
Comments