බම්බලපිටියේදී යාචක කාන්තාවකගේ දරුවෙකු පැහැර ගැනේ

සිඟමන් යදිමින් සිටි කාන්තාවකගේ මාස එකහමාරක් පමණ වයසැති දරුවා කාන්තාවක් සහ තවත් පුද්ගලයන් දෙදෙනකු පැමිණ පැහැරගෙන ත්‍රිරෝද රථයකින් පලාගොස් ඇති පුවතක් බම්බලපිටිය ප්‍රදේශයෙන් වාර්තා වේ.
මේ බව සිඟමනේ යෙදෙන බව කියන කාන්තාව බම්බලපිටිය පොලිසියට පැමිණිලි කරනු ලැබ තිබේ.
මෙම කාන්තාව බම්බලපිටිය නගරයේ පිහිටි ආයතනයක් අසල අත දරුවාද වඩාගෙන සිඟමනේ නිරතව සිටි ඇති අතර ත්‍රිරෝද රථයකින් පැමිණි කාන්තාවක් සහ තවත් පුද්ගලයකු දරුවාට ඇඳුම් පැළඳුම් මිලදීගෙන දෙන බව කියා ඇය දරුවා ද සමඟ එම ත්‍රිරෝද රථයේ ගොඩ කරවාගෙන දෙමටගොඩ ප්‍රදේශයේ පිහිටි රෙදි සාප්පුවක් වෙත රැගෙන ගොස් ඇති බව පොලීසිය සඳහන් කරයි.
ඔවුන් පැමිණි ත්‍රී රෝද රථයේ රියදුරාට කුලිය ගෙවා ඔහු පිටත් කර යවා තිබෙන බවත් ත්‍රීරෝද රථයේ පැමිණි කාන්තාව සහ පුද්ගලයා එම රෙදි සාප්පුවෙන් දරුවාට රුපියල් 1900ක් පමණ වටිනා රෙදිපිළි මිලදී ගෙන දී ඇති අතර පසුව එම කාන්තාව සහ පුද්ගලයා විසින් ගෙන්වාගත් වෙනත් ත්‍රීරෝද රථයක නංවාගෙන කාන්තාව සහ දරුවා කොම්පඤ්ඤ වීදිය ප්‍රදේශයේ පිහිටි හෝටලයක් අසල පිහිටි රථ ගාලකට කැඳවාගෙන ගොස් ඇති බවත් අනාවරණය වී තිබේ.
ත්‍රිරෝද රථයෙන් ආ කාන්තාව සිඟමනේ යෙදී සිටි බව කියන කාන්තාවගෙන් අත දරුවා වඩා ගැනීමට ඉල්ලා සිටි අවස්ථාවේ ඇය දරුවා වඩා ගැනීමට දීම ප්‍රතික්ෂේප කර ඇති අතර මේ අවස්ථාවේ කාන්තාව සමඟ පැමිණි පුද්ගලයා සහ ත්‍රිරෝද රථ රියදුරාඅත දරුවා උදුරා ගෙනයාචක කාන්තාව ත්‍රිරෝද රථයෙන් බිමට ඇද දමා අත දරුවාද පැහැර ගෙන පලාගොස් ඇතැයි පොලිසිය කියා සිටී.
සිඟමනේ යෙදෙන බව කියන කාන්තාව පොලීසියට පැමිණ මෙම තොරතුරු හෙළිකරමින් පැමිණිලි කරනු ලැබීය.
210 Views
Comments