යාපනේ ළමා නිවාසයක දැරියන් තිදෙනෙක් අතුරුදන්
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
16

යාපනේ ළමා නිවාසයක දැරියන් තිදෙනෙක් අතුරුදන්

යාපනේ ළමා නිවාසයක දැරියන් තිදෙනෙක් අතුරුදන්

ළමා නිවාසයක සිටි දැරියන් තිදෙනකු අතුරුදන් බවට පැමිණිල්ලක් ලැබී ඇති බව කෝපායි පොලිසිය පවසයි.

 

යාපනය කෝපායි පොලිස් වසමට අයත් උරුම්බිරායි ප්‍රදේශයේ පවත්වාගෙන ගිය මෙම ළමා නිවාසයේ  සිට අතුරුදන්ව ඇත්තේ වයස අවුරුදු 14, 15 හා 16 යන වයස් වල පසුවන දැරියන් බවට තොරතුරු අනාවරණය වී තිබේ.

 

මෙම දැරියන් මුලතිව් හා උරුම්බිරායි යන ප්‍රදේශ වල පදිංචිව සිට මෙම ළමා නිවාසයේ රැකවරණ පතා ගෙනවිත් සිටි බවත්, එම දැරියන් අතුරුදන් වීම සම්බන්ධයෙන් කෝපායි පොලිසියට ලද පැමිණිල්ලකට අනුව පොලිසිය පරීක්ෂණ ආරම්භ කොට තිබෙන බවත් වැඩිදුරටත් සඳහන් වේ.

views

276 Views

Comments

arrow-up