ශ්‍රී ලංකාවේ ආර්ථිකය පිළිබඳ කාලීන සමාලෝචනයක්

දශක හතකට වැඩි කාලයක් තුළ ඇති වූ දරුණුතම මූල්‍ය අර්බුදය සමග පොරබදමින් සිටින ශ්‍රී ලංකාවේ ආර්ථිකය පෙර වසරවල් වලට වඩා 2022 දී 7.8% කින් පහළ ගොස් ඇති බව රජය විසින් ඊයේ දින නිකුත් කළ දත්ත මගින් පෙන්වා දී ඇත. සංඛ්‍යාලේඛන වලට අනුව එම වසරේ සිව්වන කාර්තුවේ දළ දේශීය නිෂ්පාදිතය 12.4% කින් පහළ වැටී ඇත.
මේ වසරේදී ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය 3% කින් අඩු වනු ඇතැයි අපේක්ෂා කරන බව Moody's Investors සේවය සඳුදා දින ප්‍රකාශ කොට ඇති අතර 2024 දී එය නැවත ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ.
COVID-19 වසංගතයේ බලපෑමත් සමඟ ආර්ථික අවභාවිතය හේතුවෙන් පසුගිය වසර ආරම්භයේදී ශ්‍රී ලංකාවට අත්‍යවශ්‍ය ආනයන සඳහා ඩොලර් හිඟයක් ඇති වීම, 1948 දී බ්‍රිතාන්‍යයන්ගෙන් නිදහස ලැබීමෙන් පසු රට දරුණුතම මූල්‍ය අර්බුදයට ඇද දැමීමට මග සැලසීය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) ඩොලර් බිලියන 2.9 ක ණය ලබා දීමේ වැඩසටහන මාර්තු 20 වැනිදා තීරණයකට පත්වන තුරු ශ්‍රී ලංකාවට බලා සිටීමට සිදු වී ඇත. මෙම වසරේ ඉතිරි කාලය සඳහා රුපියල ශක්තිමත්ව තබා ගැනීමත්, පොලී අනුපාත අඩු කිරීමත්, උද්ධමනය අඩුවීමත් අඛණ්ඩව පවත්වා ගත යුතු බව Asia Securities හි ජ්‍යෙෂ්ඨ උප සභාපති සංජීව ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කර තිබේ.
මීට අමතරව ශ්‍රී ලංකාව අප්‍රේල් මාසයේදී ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ උපාය මාර්ගයක් ප්‍රකාශයට පත් කිරීමටත් IMF සමාලෝචනයට පෙර වාණිජ ණය හිමියන් සමඟ සාකච්ඡා වේගවත් කිරීමටත් අපේක්ෂා කරන බව මහ බැංකු අධිපතිවරයා පසුගිය දිනෙක රොයිටර් පුවත් සේවයට ප්‍රකාශ කර ඇත.
206 Views
Comments