කෘෂිකර්ම ක්ෂේත්‍රයට නව තාක්ෂණය ගෙන එන්න තවත් ආධාර
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
16

කෘෂිකර්ම ක්ෂේත්‍රයට නව තාක්ෂණය ගෙන එන්න තවත් ආධාර

කෘෂිකර්ම ක්ෂේත්‍රයට නව තාක්ෂණය ගෙන එන්න තවත් ආධාර

මෙරටට ලෝක බැංකු නියෝජිත පිරිසේ කණ්ඩායම් නායක John Kayser, කෘෂි විද්‍යාඥ Karishma Wash සහ ජ්‍යෙෂ්ඨ මෙහෙයුම් නිලධාරී අසේල දිසානායක ඇතුළු නියෝජිත පිරිසක් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සමග ශ්‍රී ලංකාවේ කෘෂිකර්ම ක්ෂේත්‍රයට නව තාක්ෂණය  හඳුන්වා දීම සඳහා ක්‍රියාත්මක කර තිබෙන කෘෂි අංශ නවීකරණ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් සාකච්ඡා කොට ඇති අතර ඒ අනුව මෙම ව්‍යාපෘතිය සඳහා ලබාදෙන ආධාර තවත් මාස 18ක් දක්වා දීර්ඝ කිරීමට ලෝක බැංකුව එකඟතාවය පළ කර තිබේ.

 

මෙම කෘෂි අංශ නවීකරණ ව්‍යාපෘතිය මගින් දැනට විශාල කාර්යභාරයක් ඉටුවන නිසා එම ව්‍යාපෘතිය තවදුරටත් රටට ලබාදෙන ලෙස  අමාත්‍යවරයා ලෝක බැංකු නියෝජිත පිරිසගෙන් ඉල්ලා තිබේ.

 

ඒ අනුව මෙම වර්ෂයේ මැයි මස සිට තවත් මාස 18ක් ඉදිරියට මෙම ව්‍යාපෘතිය පවත්වාගෙන යාම සඳහා ඇමරිකා ඩොලර් මිලියන 30ක මුදලක් ලබාදීමට ලෝක බැංකු නියෝජිත පිරිසක් එකඟතාවය පළ කොට තිබෙන අතර මෙහිදී අදහස් පළ කළ ලෝක බැංකු නියෝජිත පිරිසේ කණ්ඩායම් නායක John Kayser මහතා පැවසුවේ ශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික කෘෂිකර්මාන්තය වෙනුවට නවීන තාක්ෂණය උපයෝගී කර ගනිමින් කෘෂි නිෂ්පාදන ඉහළ නැංවීමට තම සහයෝගය උපරිමයෙන් ලබාදෙන බවයි.
 

views

345 Views

Comments

arrow-up