MAR
23
කොල්ලකෑම් ගණනාවකට සම්බන්ධ දෙදෙනෙක් වැල්ලවායේදී පොලිස් දැලේ

වැල්ලවාය පොලිසිය විසින් නිවාස සහ දේපළ කොල්ලකෑම් ගණනාවකට සම්බන්ධ කණ්ඩායමක සැකකරුවන් දෙදෙනෙකු එලෙස කොල්ලකෑ භාණ්ඩ කිහිපයක් සමග අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
සැකකරුවන් සන්තකයේ රුපියල් ලක්ෂ 5 ක් වටිනා සොරකම් කරන ලද භාණ්ඩ තොගයක් ද තිබී ඇති අතර, ඒවා ප්‍රවාහනය සඳහා භාවිතා කළ කැබ් රථයක් සහ ත්‍රිරෝද රථයක් ද පොලිස් බාරයට ගෙන ඇත.
සැකකරුවන් බඩල්කුඹුර ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර, ඔවුන් අද වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
189 Views
Comments