MAR
16
මඩ පොහොර නැවක් අද දිවයිනට

වගා කන්න 3 කට පසු මඩ පොහොර හෙවත් ටී. එස්. පී මෙට්‍රික් ටොන් 36,000 ක් රැගත් නෞකාවක් අද (16) අලුයම කොළඹ වරායට පැමිණ තිබේ.
මෙම පොහොර තොගය එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය සහ එක්සත් ජනපද නියෝජිතායතනයේ දායකත්වයෙන් ලබා දී තිබේ.
කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කළේ, නොමිලේ ලබාදීමට කටයුතු යොදා ඇති මෙම පොහොර තොගය නිල වශයෙන් භාරදීම හා ගොවීන්ට නොමිලේ බෙදාහැරීම ලබන 19 වැනිදා කොමර්ෂල් පොහොර සමාගම් පරිශ්‍රයේ දී සිදු කරන බවයි.
218 Views
Comments