ගොවීන්ට නොමිලේ දෙන මඩ පොහොර වලින් 25% ක් බෙදා දී අවසන්
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
23

ගොවීන්ට නොමිලේ දෙන මඩ පොහොර වලින් 25% ක් බෙදා දී අවසන්

ගොවීන්ට නොමිලේ දෙන මඩ පොහොර වලින් 25% ක් බෙදා දී අවසන්

ගොවීන්ට නොමිලේ ලබාදෙන මඩ පොහොර ප්‍රමාණය 25% ක් පමණ මේ වන විට බෙදා අවසන් බව කෘෂිකර්ම අමාත්‍යාංශ ලේකම් ගුණදාස සමරසිංහ මහතා සඳහන් කර සිටී.

 

ත්‍රිකුණාමලය, මඩකලපුව, අම්පාර, යාපනය, කිලිනොච්චිය සහ වව්නියාව යන දිස්ත්‍රික්කවලට මෙම මඩ පොහොර ලබාදුන් බව ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

 

මෙම මඩ පොහොර ගොවීන්ට ගොවිජන සේවා මධ්‍යස්ථාන හරහා ලබාගත හැකි බව ඔහු පවසා සිටී.

 

මේ අතර යූරියා පොහොර මෙට්‍රික් ටොන් 35,000 ක් පමණ ප්‍රමාණයක් දැනට මෙරට පවතින බවත් මෙට්‍රික් ටොන් 35,000 ක පමණ ප්‍රමාණයක් ඇනවුම් කර ඇති බවත් කෘෂිකර්ම අමාත්‍යාංශ ලේකම් වරයා වැඩිදුරටත් සඳහන් කර සිටී.

views

216 Views

Comments

arrow-up