ත්‍රස්තවාදය වැළැක්වීමට නව පනතක්
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
23

ත්‍රස්තවාදය වැළැක්වීමට නව පනතක්

ත්‍රස්තවාදය වැළැක්වීමට නව පනතක්

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ගෙන එන නව පනත් කෙටුම්පත ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත් කර තිබේ.

 

අධිකරණ බන්ධනාගාර කටයුතු සහ දැව ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයාගේ නියමය පරිදි නව පනත් කෙටුම්පත පළ කර ඇත.

 

කොළඹදී අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා ප්‍රකාශ කළේ මෙමගින් වෘත්තීය සමිති ක්‍රියාකාරකම් ගණනාවක් අභියෝගයට ලක්වන බවයි.

 

ලංකාව තුළ හෝ ඉන් පිටත දී සිදුකරනු ලබන ත්‍රස්තවාදී ක්‍රියාවලින් හෝ ඒ ආශ්‍රිත වෙනත් වැරදි වලට එරෙහි වෙමින් මෙරට ජාතික ආරක්ෂාව තහවුරු කිරීම, ත්‍රස්තවාදය ආශ්‍රිත වරදක් කරන පුද්ගලයකු හඳුනා ගැනීම, සිරභාරයට ගැනීම, දඬුවම් දීම හා නඩු පැවරීමට අදාළ විධිවිධාන මෙමගින් ප්‍රකාශයට පත් කර තිබේ. 1979 අංක 48 දරණ ත්‍රස්තවාදය වැළැක්වීමේ තාවකාලික විධිවිධාන පනත ඉවත් කිරීම සඳහා විධිවිධාන සැලැස්වීම සඳහා ද මෙම පනත් කෙටුම්පත සකස් කිරීමේ තවත් අරමුණකි.

views

245 Views

Comments

arrow-up