ඉන්දියන් වීසා හොරට හැදූ තරුණයෙක් මහනුවරදී අල්ලයි
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
30

ඉන්දියන් වීසා හොරට හැදූ තරුණයෙක් මහනුවරදී අල්ලයි

ඉන්දියන් වීසා හොරට හැදූ තරුණයෙක් මහනුවරදී අල්ලයි

මහනුවර පිහිටුවා ඇති කොළඹ ඉන්දියන් වීසා ආයතනයේ අනුශාඛාවෙහි තොරතුරු සඳහන් ව්‍යාජ වෙබ් අඩවියක් සකස් කර වීසා නිකුත් කළ සැකකරුවෙක් කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

 

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 29 ක් වූ පන්විල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව සඳහන් වන අතර, ඔහු ව්‍යාජ හා වංචා සහගත ලෙස පුද්ගලයන්ගෙන් කලක සිටම වීසා නිකුත් කිරීම සඳහා මුදල් ලබාගන්නා ජාවාරමක් කරගෙන ගොස් ඇති බව විමර්ශන කණ්ඩායම් විසින් අනාවරණය කොට ගෙන තිබේ.

 

මෙම කාර්යය සඳහා යොදා ගන්නා ලද බවට සැක කෙරෙන ලැප්ටොප් යන්ත්‍රයක් සහ ජංගම දුරකථනයක් සමග අත්අඩංගුවට ගන්නා ලද සැකකරු අන් අයෙකු ලෙස පෙනී සිටීම, වංචා කිරීම, බුද්ධිමය දේපළ පනත යටතේ සිදුකර ඇති වැරදි හා පරිගණක අපරාධ පනතේ වැරදි සම්බන්ධයෙන් ඊයේ (29) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අප්‍රේල් 04 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කොට ඇති බව වාර්තා වේ. 

views

218 Views

Comments

arrow-up