දිවයින පුරා ඉන්ධන බෙදා හැරීම යථා තත්වයට
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
30

දිවයින පුරා ඉන්ධන බෙදා හැරීම යථා තත්වයට

දිවයින පුරා ඉන්ධන බෙදා හැරීම යථා තත්වයට

මේ වන විට දිවයිනේ සියලුම ප්‍රදේශ වල ඉන්ධන පිරවුම්හල් වෙත ඉන්ධන බවුසර් පිටත් කර හැර ඇති බවත්, ඉන්ධන බෙදාහැරීම සාමාන්‍ය පරිදි සිදුවන බවත් ඛණිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමයේ ලේකම් කපිල නාඔටුන්න මහතා කියා සිටී.

 

ඛණිජ තෙල් නීතිගත සංස්ථාව ප්‍රතිව්‍යුවහගත කිරීමට එරෙහිව වෘත්තීය සමිති විසින් ඊයේ ආරම්භ කරන ලද වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් ඇතැම් ප්‍රදේශවලට නියමිත පරිදි ඉන්ධන බෙදාහැරීමේ කටයුතු නිසි පරිදි සිදු නොවූ අතර, ඊයේ දිනයේ සේවයට වාර්තා නොකළ වෘත්තීය සමිති නියෝජිතයින් ඇතුළු සේවකයින් 20 දෙනෙකු අනිවාර්යය නිවාඩු යැවීමට විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය කටයුතු කළ බව ද ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේය. 
 

views

259 Views

Comments

arrow-up