හතර අතින් නැගෙන විරෝධතා මැද යෝජිත ප්‍රති ත්‍රස්ත පනත තාවකාලිකව හකුලා ගනී

ප්‍රති ත්‍රස්ත පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම කල් දමා ඇති බව අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා ප්‍රකාශ කොට තිබේ.
විපක්ෂයේ දේශපාලන පක්ෂ ඇතුළු පාර්ශ්ව කිහිපයකගෙන් ඉදිරිපත් වූ ඉල්ලීම් සලකා බලා එම තීරණය ගත් බව ඔහු සඳහන් කර ඇත.
මෙම කෙටුම්පත ගැසට් කර ඇත්තේ අදාල පාර්ශ්වයන් සමග ප්‍රමාණවත් සාකච්ඡා වලින් තොරව බැවින් එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම කල් දමන මෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමයද ඉල්ලීමක් කර තිබේ.
කෙසේ නමුත් අප්‍රේල් අවසන් සතියේ හෝ මැයි මුල් සතියේ එය පාර්ලිමේන්තුවට ගෙන යාමට අපේක්ෂා කරන බව අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා ඇත.
212 Views
Comments