මත්ද්‍රව්‍ය සමග සැකකරුවන් හය දෙනෙක් අලුත්ගම දී දැලේ
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
30

මත්ද්‍රව්‍ය සමග සැකකරුවන් හය දෙනෙක් අලුත්ගම දී දැලේ

මත්ද්‍රව්‍ය සමග සැකකරුවන් හය දෙනෙක් අලුත්ගම දී දැලේ

අයිස් මත්ද්‍රව්‍ය සහ මත් පෙති ජාවාරමේ යෙදුණු සැකකරුවන් හය දෙනකු අලුත්ගම පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

 

සැකකරුවන් සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 25 ක්, මත්පෙති 39 ක් සහ අයිස් මත්ද්‍රව්‍ය කිරීම සඳහා භාවිතා කරන ඩිජිටල් තරාදියක් ද පොලිස් බාරයට ගෙන ඇති බව වාර්තා වේ.

 

මෙම සැකකරුවන් අලුත්ගම, බෙන්තොට, මග්ගොන හා බේරුවල පදිංචි අය වන අතර, ඔවුන් අද කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

views

318 Views

Comments

arrow-up