තිස්සමහාරාමයේ පාසලක ආහාර සැපයුම්කරුවන්ට පොල්ලක්

පාසල් දරුවන් සඳහා රජයෙන් නොමිලේ ආහාර ලබා දීමේ වැඩසටහනට සම්බන්ධ වී ඇති සැපයුම්කරුවන් පිරිසකට නිසි පරිදි මුදල් නොලැබීමේ පුවතක් තිස්සමහාරාම ප්‍රදේශයෙන් වාර්තා වෙයි.
මුතියම්මාගම කණිෂ්ඨ විද්‍යාලයට ආහාර සපයන පිරිසකට මෙලෙස නිසි පරිදි මුදල් ලැබී නැති බව වාර්තා වන අතර, ඒ සම්බන්ධයෙන් හම්බන්තොට කලාප අධ්‍යාපන කාර්යාලයේ ප්‍රකාශිකාවක කියා සිටියේ මුදල් ලැබුණු වහාම කඩිනමින් අදාල සැපයුම්කරුවන්ට ලබා දීමට කටයුතු කරන බවයි.
ඇතැම් අවස්ථා වලදී මුදල් ලැබීමේ ප්‍රමාදයන් පැවතීම මෙම තත්ත්වයට හේතු වී ඇති බවද ඇය ප්‍රකාශ කර සිටියාය.
235 Views
Comments