නුවරඑළිය නගරයේ සැබෑ වෙනසක්
විදේශගත ඔබට
Latest_News
calendar
APR
13

නුවරඑළිය නගරයේ සැබෑ වෙනසක්

නුවරඑළිය නගරයේ සැබෑ වෙනසක්

නුවරඑළිය නගරයේ මහල් 4 ට වැඩි ඉදිකිරීම් සිදු කිරීම මින් ඉදිරියේදී තහනම් කරමින් කැබිනට් පත්‍රිකාවක් සකස් කරන ලෙසට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇති බව වාර්තා වේ.

 

නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පෙරේදා (10) පැවති නුවරඑළිය නගර සංවර්ධන සැලැස්ම හා නුවරඑළිය සංචාරක සැලැස්ම එළිදැක්වීමේ අවස්ථාවට සහභාගි වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කර ඇත.

 

උස් ගොඩනැගිලි ඉදිකිරීමෙන් නගරය අවලස්සන වී ඇතැයි පෙන්වා දෙන ජනාධිපතිවරයා අවිධිමත් ලෙස ගොඩනැගිලි ඉදි කරනවා වෙනුවට නිසි සැලැස්මකට අනුව ගොඩනැගිලි ඉදි කරන ලෙසට කඩිනමින් කැබිනට් පත්‍රිකාවක් සකස් කර ඉදිරිපත් කරන ලෙසට ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාට දැනුම් දී ඇත.

 

ආයෝජකයන්ට හෝ වෙනත් කිසිදු පාර්ශ්වයකට අවශ්‍ය පරිදි නුවරඑළිය නගරයේ සම්පත් විනාශ කිරීමට ඉඩ දිය නොහැකි අතර, පරිසර හිතකාමී සංවර්ධනයක් එහි ඇති කළ යුතු බැවින්, නගරය තුළ විශාල ගොඩනැගිලි ඉදි නොකර සංචාරකයන්ට විවේකයෙන් ගත කළ හැකි සෞම්‍ය පරිසරයක් සහිත සැලසුම් සකස් කරන ලෙස ද රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් ලබා දී තිබෙන බව සඳහන් වේ.
 

views

300 Views

Comments

arrow-up