වඩා විධිමත් නව කම්කරු නීතියක් ස්ථාපිත කරන්න සැලසුම්

දැනට පවතින සංකීර්ණ කම්කරු නීති වෙනුවට සංයුක්ත කම්කරු නීති ඇතුළත් නව නීති පද්ධතියක් මැයි මාසය වන විට සකස් කර අවසන් කිරීමට අපේක්ෂා කරන බවත්, ඒ සඳහා සිය අදහස් ඉදිරිපත් කිරීමේ අවස්ථාව වෘත්තීය සමිතිවලට, ව්‍යවසායකයන්ට සහ ස්වාධීන මත දරන ඕනෑම අයෙකුට විවෘත කර ඇති බවත් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා කියා සිටී.
පසුගියදා අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් මෙසේ ප්‍රකාශ කළ අමාත්‍යවරයා වැඩිදුරටත් අදහස් දක්වා සිටියේ, වෘත්තීය සමිති ආඥා පනත, වන්දි ආඥා පනත, මාතෘ ප්‍රතිලාභ, කාර්මික ආරවුල්, සාප්පු හා කාර්යාල, රැකියා අවසන් කිරීම යනාදී වසර ගණනාවක් පැරණි අණ පනත් 40 ක් පමණ කම්කරු නීති පද්ධතිය තුල අන්තර්ගත වුවත් එයින් භාවිතා කෙරෙන්නේ පනත් 16 ක් පමණක් බවයි.
එසේම, වැඩ කරන ජනතාව වඩාත් කාර්යක්ෂම පිරිසක් බවට පත් කිරීමට සහ ඔවුන්ගේ දක්ෂතාවයන් මත ඉදිරියට යාමට අවස්ථාවක් ලබා දීමටත්, උසස් අධ්‍යාපනය ලබන සිසුන්ට අර්ධකාලීන රැකියාවක් කිරීමට අවස්ථාව ලබා දීමටත් පවතින නීතිය යටතේ ඇති බාධාවන් ඉවත් කර, ශ්‍රම බළකාය ශක්තිමත් කරන සහ ආයෝජකයන් ආකර්ෂණය කරන නව වැඩපිළිවෙළක් සඳහා මෙම නව කම්කරු නීතිය මහෝපකාරී වෙතැයි ද අමාත්‍යවරයා වැඩි දුරටත් ප්‍රකාශ කොට තිබේ.
289 Views
Comments