එක්ස්ප්‍රස් පර්ල් සමාගමෙන් මිලියන 250 ක අල්ලසක් - ඇමති විජේදාස හෙළි කරයි
විදේශගත ඔබට
Latest_News
calendar
APR
13

එක්ස්ප්‍රස් පර්ල් සමාගමෙන් මිලියන 250 ක අල්ලසක් - ඇමති විජේදාස හෙළි කරයි

එක්ස්ප්‍රස් පර්ල් සමාගමෙන් මිලියන 250 ක අල්ලසක් - ඇමති විජේදාස හෙළි කරයි

2021 වසරේ ජූනි මාසයේ ශ්‍රී ලංකා මුහුදු සීමාවේදී  ගිනි ගෙන මුහුදුබත් වූ එක්ස්ප‍්‍රස් පර්ල් නෞකාව අයත් සමාගම විසින් මෙරටට ගෙවිය යුතු වන්දිය පිළිබඳ සාකච්ඡා කරමින් සිටින අතරතුර කිසියම් පාර්ශ්වයක් විසින් ඇමරිකානු ඩොලර් මිලියන 250ක මුදලක් අල්ලසක් ලෙස ලබා ගෙන ඇති බවවට වාර්තා වේ.

 

මේ පිළිබඳ හෙළි කොට සිටින අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා කියා සිටින්නේ එම මුදල් බ්‍රිතාන්‍යයේ බැංකුවක ගිණුමකට බැර වී ඇති බවයි.

 

මේ සම්බන්ධයෙන් සොයා බලන ලෙස පොලිස්පතිවරයාට දැනුම්දී ඇතැයි අමාත්‍යවරයා කියා සිටින අතර, මෙම මුහුදු අනතුර හේතුවෙන් මෙරට පරිසර පද්ධතියට සිදු වූ හානිය සම්බන්ධයෙන් වන්දි ලබා ගැනීම සඳහා මේ වනවිට නීතිපති දෙපාර්තමේන්තුව කටයුතු සූදානම් කරමින් සිටින බවද වාර්තා වේ.
 

views

314 Views

Comments

arrow-up