පුපුරණ ද්‍රව්‍ය ආශ්‍රිත ව්‍යාපාර වලට වෙන්න යන දේ මෙන්න
විදේශගත ඔබට
Latest_News
calendar
APR
20

පුපුරණ ද්‍රව්‍ය ආශ්‍රිත ව්‍යාපාර වලට වෙන්න යන දේ මෙන්න

පුපුරණ ද්‍රව්‍ය ආශ්‍රිත ව්‍යාපාර වලට වෙන්න යන දේ මෙන්න

පුපුරණ ද්‍රව්‍ය ආශ්‍රිත ව්‍යාපාර පවත්වාගෙන යාම සඳහා ලබාදෙන බලපත්‍ර ගාස්තු ඉහළ දැමීමට රජය පියවර ගෙන තිබෙන බවත්, ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඊට අදාල ගැසට් නිවේදනය ද නිකුත් කර ඇති බවත් වාර්තා වේ. මේ අනුව ගල් වෙඩි බෙහෙත් නිෂ්පාදනය සඳහා පමණක් රුපියල් 2,000.00 ක්ව පැවති බලපත්‍ර ගාස්තුව රුපියල් 4,000.00 දක්වා ඉහළ නංවා තිබේ. ආරක්ෂිත සේවා නූල් නිෂ්පාදනය සඳහා පමණක් රුපියල් 4,000.00 ක්ව පැවති බලපත්‍ර ගාස්තුව රුපියල් 7,000.00 දක්වා ඉහළ නංවා ඇති අතර ගල් වෙඩි බෙහෙත් සහ ආරක්ෂිත සේවා නූල් යන දෙවර්ගයම නිෂ්පාදනය සඳහා වන බලපත්‍ර ගාස්තුව රුපියල් 7,000.00 සිට 10,000.00 දක්වා ඉහළ නංවා ඇති බව වාර්තා වේ.

 

ඊට අමතරව පුපුරණ ද්‍රව්‍ය ආනයනයකරුවන්ගේ ව්‍යාපාර සඳහා වන බලපත්‍ර ගාස්තුව ද පුපුරණ ද්‍රව්‍ය සපයන්නන්ගේ ව්‍යාපාර සඳහා වන බලපත්‍ර ගාස්තුව ද ඉහළ නංවා තිබේ. පුපුරණ ද්‍රව්‍ය අත්කර ගැනීම, සන්තකයේ තබා ගැනීම සහ පාවිච්චි කිරීම සඳහා වන අවසර පත්‍ර ගාස්තුව ද රුපියල් 2,000.00 දක්වා ඉහළ නැංවීමට පියවර ගෙන ඇති බව වාර්තා වේ.

views

267 Views

Comments

arrow-up