හිටපු නාවික හමුදාපතිට ඇමරිකාව තහනම්
විදේශගත ඔබට
Latest_News
calendar
APR
27

හිටපු නාවික හමුදාපතිට ඇමරිකාව තහනම්

හිටපු නාවික හමුදාපතිට ඇමරිකාව තහනම්

වයඹ පළාත් ආණ්ඩුකාර අද්මිරාල් ඔෆ් ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ මහතාට අමෙරිකා එක්සත් ජනපදයට ඇතුළුවීම වළක්වාලමින් තහනමක් පනවා තිබේ.

 

මානව හිමිකම් උල්ලංඝනය කිරීමේ චෝදනාව යටතේ වසන්ත කරන්නාගොඩ මහතාට එම තහනම පනවා ඇති බව අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව සඳහන් කර සිටී.

 

වසන්ත කරන්නාගොඩ මහතාට සහ ඔහුගේ බිරිඳ ශ්‍රීමතී අශෝකා කරන්නාගොඩ මහත්මියට එම තහනම පනවා ඇති බවට නිල නිවේදනයක් නිකුත් කරමින් ඇමරිකානු රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් මහතා කියා සිටී.

 

යුද ගැටුම් පැවති සමයේ එවකට නාවික හමුදාපතිවරයා ලෙස කටයුතු කිරීමේ දී සිදුවූ මානව හිමිකම් උල්ලංඝනය කිරීමේ චෝදනාවක් හේතුවෙන් වසන්ත කරන්නාගොඩ මහතාට එම තහනම පැනවීමට තීරණය කර ඇති බව අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව පවසයි.
 

views

267 Views

Comments

arrow-up