ඉම්රාන් ඛාන් අත්අඩංගුවට ගැනීම හේතුවෙන් පකිස්ථානයේ ගැටුම් උත්සන්න වෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
10

ඉම්රාන් ඛාන් අත්අඩංගුවට ගැනීම හේතුවෙන් පකිස්ථානයේ ගැටුම් උත්සන්න වෙයි

ඉම්රාන් ඛාන් අත්අඩංගුවට ගැනීම හේතුවෙන් පකිස්ථානයේ  ගැටුම් උත්සන්න වෙයි

හිටපු අගමැති ඉම්රාන් ඛාන් ඊයේ අත්අඩංගුවට ගැනීමෙන් පසු  පකිස්ථානයේ ආරක්ෂක අංශ සහ ඔහුගේ ආධාරකරුවන් අතර ප්‍රචණ්ඩ ගැටුම් හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මේ වන විට එරට පුරා විරෝධතා ඇති වෙමින් පවතින අතර ක්වෙටා නගරයේදී එක් අයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය තවදුරටත් වාර්තා කරයි.

 

දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් පැවති නඩු විභාගයකට පෙනී සිටීමට ඉස්ලාමාබාද් අධිකරණය වෙත පැමිණි අවස්ථාවේදී ඔහුව අත්අඩංගුවට ගෙන ඇත. එසේම අග්‍රාමාත්‍ය ධූරය දරණ සමයේ විදේශ රාජ්‍ය තාන්ත්‍රික සංචාරයේදී තමන් වෙත ලැබුණු ත්‍යාග සහ ප්‍රදාන වල වටිනාකම අඩුවෙන් තක්සේරු කර ඉදිරිපත් කිරීම ද ඔහුට එල්ල වන එක් චෝදනාවක් බව විදෙස් මාධ්‍ය සඳහන් කර සිටී.

views

238 Views

Comments

arrow-up