මංගල දිනය අවමගුලක් කරමින් මංගල ගමනේදී අවසන් ගමන් ගිය මනාලියගේ ශෝකාන්තය

විවාහ මංගල උත්සවයක් අවසන් වී විනාඩි කිහිපයක් ඇතුළත මනාලිය මියයාමේ ශෝකජනක පුවතක් ඇමරිකාවේ දකුණු කැරොලිනා ප්‍රදේශයෙන් වාර්තා වේ.
මනාලිය සහ මනාලයා විවාහ උත්සවය අවසන් වී ගමන් කරමින් සිටි රථය අනතුරට ලක්වීමෙන් මෙම අනතුර සිදුව ඇති බව පැවසෙන අතර, එම රථයේ රියදුරා බීමත්ව සිට ඇති බවට ද අනාවරණය වී තිබේ.
මෙම අනතුරින් මනාලයා ඇතුළු තවත් දෙදෙනෙකු ද බරපතල තුවාල ලබා තිබේ.
25 හැවිරිදි වියේ පසුවන රියදුරා අත්අඩංගුවට ගෙන ඇති අතර, බරපතල ශාරීරික තුවාල සහ මරණයක් සිදු කිරීම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව චෝදනාවන් කිහිපයක් යටතේ නඩු පැවරීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටී.
303 Views
Comments