ගිනිගත් සුඩානයේ ගැටුම් මැද ඇමරිකානුවන් දෙදෙනෙකුට දිවි අහිමි වෙයි

සුඩානයේ ගැටුම් අතරතුර ඇමරිකානු ජාතිකයින් දෙදෙනෙකු මියගොස් ඇති බව අමෙරිකානු රජය පවසයි.
ධවල මන්දිරයේ ජාතික ආරක්ෂක ප්‍රකාශක ජෝන් කර්බි සඳහන් කර ඇත්තේ එරට රැඳී සිටින සුළු පිරිසක් වූ ඇමරිකානු ජාතිකයින් මුදා ගැනීම සඳහා අවශ්‍ය පියවර ගනිමින් සිටින බවයි.
ඔවුන් සිය රට බලා පැමීණීම සඳහා මේ වන විටත් සුඩාන වරාය වෙත පැමිණ සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටී.
සුඩානයේ ප්‍රකාශයට පත් කර ඇති සටන් විරාම කාල සීමාව දීර්ඝ කිරීම සම්බන්ධයෙන් ඇමරිකානු රජය මැදිහත් වී කටයතු කරන බව ද ජෝන් කර්බි සඳහන් කර තිබේ.
271 Views
Comments