"ළමා මනාලියන්ගේ කදුළු" දකුණු ආසියාවෙන් ඇසෙන කතාවක්
විදේශගත ඔබට
Latest_News
calendar
APR
20

"ළමා මනාලියන්ගේ කදුළු" දකුණු ආසියාවෙන් ඇසෙන කතාවක්

"ළමා මනාලියන්ගේ කදුළු" දකුණු ආසියාවෙන් ඇසෙන කතාවක්

ලෝකයේ මෙතෙක් වාර්තා වන වැඩිම ළමා වයස්වල පසුවන මනාල-මනාලියන් සිටින කලාපය දකුණු ආසියාතික කලාපය බව එක්සත් ජාතීන්ගේ සංවිධානය සඳහන් කරයි.  එම සංවිධානය විසින් නව වාර්තාව ඊයේ දිනයේදී එළිදක්වා ඇති අතර මෙලෙස ළමා මනාලියන් වැඩිවීමට හේතුව ලෙස ඔවුන් සඳහන් කරන්නේ පැවති කොවිඩ් වසංගතය තත්ත්වය හා ඉන් අනතුරුව ඇතිවූ අතුරු විපාකයි.

 

මෙවන් අර්බුදකාරී තත්ත්වය හමුවේ බොහෝ දරිද්‍රතා ඇති පවුල් වල දියණියන් අඩු වයසේදී විවාහ සංස්ථා වෙත ඇතුළත් කිරීමට බොහෝ දෙමාපියන් යොමුවී ඇති බවත් ඔවුන් සඳහන් කර සිටියේය.

 

ළමා විවාහ හේතුවෙන් දරුවන්ගේ මුළු අධ්‍යාපන ජීවිතයමත් ඉන්පසු පවුල් සංස්ථාවද බිඳ වැටී විනාශ වන බවත්, කාන්තාවක් සඳහා විවාහ වීමේ නීත්‍යානුකූල වයස් සීමාවක් පවතින බවත්, එය නේපාලයේ අවුරුදු 20 ත්, ඉන්දියාව, ශ්‍රී ලංකාව හා බංගලාදේශයේ අවුරුදු 18 ත් ඇෆ්ගනිස්ථානයේ අවුරුදු 16 ත් ලෙස නම් කර තිබේ.

 

යුනිසෙෆ්හි දකුණු ආසියාවේ කලාපීය අධ්‍යක්ෂ නොආලා ස්කිනර් සඳහන් කළේ දකුණු ආසියාව මෙම සටහනේ ඉදිරියෙන්ම සිටින අතර එය දැඩි ඛේදවාචකයක් බවයි.

views

263 Views

Comments

arrow-up