තායිවානයේ ගුවන් කලාපයක් චීනය විසින් වසා දමයි

උතුරු දිග ගුවන් කලාපය තායිවානයට ගුවන් පියාසර කටයුතු සඳහා තහනම් කලාපයක් කරන බවට චීනය පවසා තිබේ.
එම තහනම ලබන සතියේ දින 03 ක කාලයක් සඳහා ක්‍රියාත්මක බව චීනය පවසා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
චීනය ඒ පිළිබඳව තායිවානය වෙතද දැනුම් දී ඇති බව තායිවානයේ ප්‍රවාහන අමාත්‍යාංශය නිවේදනය කර තිබේ.
ලබන 16 වනදා සිට 18 වනදා දක්වා දිනකට පැය 05 ක කාලයක් තුළ එලෙස ගුවන් කලාපය වසා දැමීමෙන් චීනය අදාල ගුවන් කලාපය තුළ චන්ද්‍රිකා දියත් කිරීමක් ඇතුළු ක්‍රියාකාරකම් සිදු කළ හැකි බවට තායිවානය සැක පළ කොට ඇත.
එබැවින් චීනයේ එම කටයුතු සම්බන්ධයෙන් සමීපව නිරීක්ෂණය කරන බව තායිවානය පවසා ඇති අතර චීනය විසින් මෙලෙස තායිවානයට ගුවන් සීමා පනවන්නේ තායිවානය වට කර දින 3 ක හමුදා අභ්‍යාස මාලාවක් සිදු කිරීමෙන් ද අනතුරුවය.
239 Views
Comments