ඉතාලියේ හිටපු අගමැතිගේ අසනීප තත්වය බරපතලයි
විදේශගත ඔබට
Latest_News
calendar
APR
07

ඉතාලියේ හිටපු අගමැතිගේ අසනීප තත්වය බරපතලයි

ඉතාලියේ හිටපු අගමැතිගේ අසනීප තත්වය බරපතලයි

ඉතාලියේ හිටපු අගමැති Silvio Berlusconi කලක පටන් නිධන්ගත රුධිර පිළිකාවකින් පෙළෙන අතර මේ වනවිට ඔහු පෙනහළු ආසාදනයක් හේතුවෙන් මිලාන්හි සැන් රෆෙල් රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

 

 

නිධන්ගත මයිලෝමොනොස්ටික් ලියුකේමියාවෙන් පෙළෙන Silvio ගේ තත්ත්වය පෙනහළු ආසාදනය හේතුවෙන් වර්ධනය වී ඇති බව ඔහුගේ වෛද්‍යවරුන් සඳහන් කර තිබේ.

 

 

මෙම තත්ත්වය සුදු රුධිරාණු වලට අහිතකර ලෙස බලපාන බැවින් බොහෝ අවස්ථා වල සුව කිරීමට අපහසු බව වාර්තා වේ.

 

 

86 හැවිරිදි Silvio Berlusconi වත්මන් ඉතාලි දක්ෂිණාංශික ආණ්ඩුවේ සාමාජිකයෙකුද වේ. 

views

214 Views

Comments

arrow-up