පළමු කුරුළු උණ රෝගියා චිලී රාජ්‍යයෙන් වාර්තා වෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
31

පළමු කුරුළු උණ රෝගියා චිලී රාජ්‍යයෙන් වාර්තා වෙයි

පළමු කුරුළු උණ රෝගියා චිලී රාජ්‍යයෙන් වාර්තා වෙයි

මිනිස් සිරුර තුළ කුරුළු උණ වෛරසය ව්‍යාප්ත වූ පළමු අවස්ථාව චිලී රාජ්‍යයෙන් වාර්තා වී ඇත.

 

 

දරුණු ඉන්ෆ්ලුවෙන්සා රෝග ලක්ෂණ පෙන්වූ 53 හැවිරිදි පුද්ගලයෙකු තුළ මෙලෙස කුරුළු උණ වෛරසය ඇති බවට අනාවරණය වූ බව එරට සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කර තිබේ.

 

 

එම පුද්ගලයා මේ වනවිට ස්ථාවර තත්ත්වයක පසුවන බවත් ඔහු ඇසුරු කළ අයගේ සෞඛ්‍ය තත්ත්වයන් පිළිබඳව විමර්ශනය කරන බවත් සෞඛ්‍ය අමාත්‍යාංශය වැඩිදුරටත් පවසා ඇත.

 

 

පසුගිය වසරේ අග භාගයේ සිට චිලී රාජ්‍යයේ සතුන් මගින් H5N1 වෛරසය ව්‍යාප්ත වීමේ දැඩි අවදානමක් මතුව තිබූ හෙයින් එරට කුකුළු අපනයනයන් නවතා දමා ඇති පසුබිමක මෙම පළමු රෝග වාර්තා වීම සෞඛ්‍ය අංශයන්හි කණස්සල්ලට හේතු වී ඇති බව විදෙස් ආරංචි මාර්ග සඳහන් කරයි.

 

 

කෙසේ වෙතත් මෙම වෛරසය කුරුල්ලන්ගෙන් හෝ සාගර ජීවින්ගෙන් මිනිසාට සම්ප්‍රේෂණය විය හැකි නමුත් මිනිසාගෙන් මිනිසාට සම්ප්‍රේෂණය වන බවක් තවමත් හඳුනා ගෙන නොමැත.

views

191 Views

Comments

arrow-up