සිර දඬුවමත් සමග රාහුල් ගාන්ධි ගේ දේශපාලනයත් නිමා වන ලකුණු
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
24

සිර දඬුවමත් සමග රාහුල් ගාන්ධි ගේ දේශපාලනයත් නිමා වන ලකුණු

සිර දඬුවමත් සමග රාහුල් ගාන්ධි ගේ දේශපාලනයත් නිමා වන ලකුණු

2019 වසරේ මැතිවරණ රැළියක් අතරතුර අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ගේ වාසගම සම්බන්ධයෙන් සිදුකළ අපහාසාත්මක ප්‍රකාශයක් මුල්කරගනිමින් ගුජරාට අධිකරණයක් විසින් ඊයේ (23) ඉන්දීය විපක්ෂ නායක රාහුල් ගාන්ධිට වසර දෙකක සිර දඬුවමක් නියම කෙරිණි.

 

එම සිර දඬුවමත් සමඟ රාහුල් ගාන්දි මන්ත්‍රී ධූරය දැරීමට නුසුදුස්සෙක් බවට පත්වන බව, එරට නීති ප්‍රවීණයකු මෙන්ම නීතිය පිළිබඳ හිටපු අමාත්‍යවරයකු වන කපිල් සිබාල් ප්‍රකාශ කර තිබේ.

 

කෙසේ වෙතත් ඔහුට එම තීන්දුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කිරීම සඳහා, සිරදඬුවම දින 30 කට අත්හිටුවා ඇති බව සඳහන් වේ.

 

කොංග්‍රස් පක්ෂයේ හිටපු සාමාජිකයෙකු ද වන කපිල් සිබාල් ඉන්දීය මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇත්තේ මන්ත්‍රී ධූරය දැරීම සඳහා සිර දඬුවම් අත්හිටුවීම පමණක් ප්‍රමාණවත් නොවන බවයි.

views

241 Views

Comments

arrow-up