රුසියානු ජනපතිවරයා ව්‍යාපාරිකයින්ගෙන් ඉල්ලූ දේ
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
17

රුසියානු ජනපතිවරයා ව්‍යාපාරිකයින්ගෙන් ඉල්ලූ දේ

රුසියානු ජනපතිවරයා ව්‍යාපාරිකයින්ගෙන් ඉල්ලූ දේ

රුසියානු ජනපති ව්ලැඩිමර් පුටින් එරට ප්‍රකෝටිපතියන්ගෙන් විශේෂ ඉල්ලීමක් කර තිබෙන බව විදෙස් මාර්ග සඳහන් කරයි.

 

යුක්‍රේන ආක්‍රමණය ආරම්භයෙන් පසු ප්‍රථම වතාවට පැවති ව්‍යාපාරික හමුවක් අමතමින් ජනපති පුටින් එරට ධනපතීන්ගෙන් ඉල්ලා සිටියේ බටහිර සම්බාධක හමුවේ රුසියානු ආර්ථිකය නගා සිටුවීමට දේශීය ආයෝජන සඳහා පමණක් අවධානය යොමු කරන ලෙසයි.

 

ධනපතීන්ගේ කාර්යභාරය මුදල් ඉපයීම පමණක් නොවන බවත්, සමාජයට උපකාර කිරීම කළ යුතු බවත් ජනාධිපතිවරයා පවසා ඇති බව විදෙස් මාධ්‍ය අනාවරණය කරයි.

views

230 Views

Comments

arrow-up