ඉන්ෆ්ලුවෙන්සා පැතිර යාම නිසා චීනයේ නගරයක් වසා දැමේ

සී එන් එන් ඇතුළු විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ, මේ දිනවල කොරෝනා රෝගයටත් වඩා දරුණු ලෙස පැතිරෙන ඉන්ෆ්ලුවෙන්සා රෝගී තත්ත්වයන් හේතුවෙන් චීනයේ ප්‍රකට සංචාරක නගරයක් වන ෂැන්සි පළාතේ ෂියාන් නගරය අගුළු දමා ඇති බවයි. මෙය කුරුලු ඉන්ෆ්ලුවෙන්සා ද වෙනත් දෙයක්ද යන්න චීනය සුපුරුදු පරිදි සඟවා ඇති නමුත් A(H5N6) කුරුලු ඉන්ෆ්ලුවෙන්සා අවධානමක් ගැන කතා බහක් මතුව ඇත.
වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වන්නේ, සුප්‍රසිද්ධ ටෙරාකොටා රණශූරයන්ගේ නිවහන වන ෂැන්සි පළාතේ සංචාරක ස්ථානයක් වන ෂියාන් නගරය මෙම හදිසි තීරණය ලබා ගැනීම නිසා අවට ප්‍රදේශ තුළ සැක සංකා මෝදු වී ඇති බවයි. චීනයේ කොවිඩ් රෝගීන් අඩුවෙමින් පවතින අතර රට පුරා උණ රෝගීන්ගේ වැඩි වීමක් දක්නට ලැබෙන අතර සමහර ඔසුසැල් උණ ප්‍රතිකාර සඳහා ඇති ඉල්ලුම සපුරාලීමට නොහැකිව අරගල කරමින් සිටින බව සී එන් එන් වාර්තා වල දැක්වේ.
චීන සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ සෞඛ්‍ය ආරක්ෂණ මධ්‍යස්ථානය මෑතකදී නිවේදනය කළේ කුරුලු ඉන්ෆ්ලුවෙන්සා A(H5N6) ගැන සමීපව නිරීක්ෂණය කරන බවයි. හුනාන් හි චැංෂා හි ජීවත්වන 54 හැවිරිදි පුද්ගලයෙකුට 2023 ජනවාරි පස්වන දා මෙම රෝග ලක්ෂණ මතු වී තිබේ. ඉන්ෆ්ලුවෙන්සාව වසංගතය සඳහා රජය අනතුරු ඇඟවීම සක්‍රීය කරන්නට වූයේ ඒ සමග වන අතර 2014 සිට 2023 ජනවාරි 6 දක්වා කුරුලු ඉන්ෆ්ලුවෙන්සා A(H5N6) රෝගීන් 82 ක් චීනයේ වාර්තා වී ඇත.
203 Views
Comments