ස්පුට්නික් එන්නත හැදූ කණ්ඩායමේ විද්‍යාඥයෙක් ඝාතනය කෙරේ

2020 වසරේ දී ස්පුට්නික් V එන්නත නිපදවූ විද්‍යාඥයන් 18 දෙනාගෙන් කෙනකු වන, පරිසර විද්‍යාව සහ ගණිතය පිළිබඳ ජාතික පර්යේෂණ මධ්‍යස්ථානයේ ජ්‍යෙෂ්ඨ පර්යේෂකයෙකු ලෙස සේවය කළ, හතළිස් හත් හැවිරිදි Andrey Botikov පෙරේදා ඔහුගේ මහල් නිවාසයේ මියගොස් සිටියදී සොයාගත් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
පොලීසිය විසින් සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ 29 හැවිරිදි තරුණයකු විසින් බහින්බස්වීමක් අතරතුර ඔහුගේ මහල් නිවාසයේ දී පටියකින් ගෙල සිරකර ඝාතනය සිදු කර ඇති බවයි.
ඝාතනය සම්බන්ධයෙන් සැකකරුවෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව ද සඳහන් වේන්
239 Views
Comments