වසංගත රෝග මැඩලීමට ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් නව වැඩපිළිවෙලක්
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
26

වසංගත රෝග මැඩලීමට ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් නව වැඩපිළිවෙලක්

 වසංගත රෝග මැඩලීමට ලෝක සෞඛ්‍ය සංවිධානයෙන්  නව වැඩපිළිවෙලක්

ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ, වසංගත රෝග පාලනය කිරීම සඳහා නව ගෝලීය මාර්ගෝපදේශ සකස් කිරීමට පෙර, පවතින රෙගුලාසි යාවත්කාලීන කළ යුතු බවයි.

 

තවදුරටත් එම සංවිධානය පවසන්නේ, ජාත්‍යන්තර රෙගුලාසි පිළිබඳව ඊයේ පැවැති ජගත් සෞඛ්‍ය ක්‍රියාකාරී කණ්ඩායම් සැසියේ දී ඒ සම්බන්ධයෙන් එකඟතාවයකට පැමිණි බවයි.

 

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, කොවිඩ් වසංගතයෙන් පැමිණි අභියෝග වලට ප්‍රතිචාර ලෙස සෞඛ්‍ය රෙගුලාසි වලට සංශෝධන 307 ක් ඉදිරිපත් වී ඇති බවය. ඊට අමතරව අඩු ආදායම්ලාභී රටවල සෞඛ්‍ය ගොඩනැගීමේ වැදගත්කම අවධාරණය වී ඇති අතර වසංගත පිළිබඳ තොරතුරු හුවමාරු කර ගැනීම සහ සහයෝගීතාව පිළිබඳව ද සාකච්ඡා වී ඇත.

views

175 Views

Comments

arrow-up