චීනයේ විරෝධතා වල යෙදුණු සිය ගණනක් අතුරුදන්
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
19

චීනයේ විරෝධතා වල යෙදුණු සිය ගණනක් අතුරුදන්

චීනයේ විරෝධතා වල යෙදුණු සිය ගණනක් අතුරුදන්

චීන රජයේ කොවිඩ් ප්‍රතිපත්ති වලට එරෙහිව උද්ඝෝෂණයේ නියැලුණු විශාල පිරිසක් අතුරුදන්ව ඇති බව වාර්තා වේ.

 

පසුගිය නොවැම්බර් මාසයේ සිට මෙම විරෝධතා වරින් වර පැවති අතර, විරෝධතා වලට එක් වූ දහස් ගණන් ජනතාව, චීන ජනපති ෂී ජින්පින් ගේ පාලන තන්ත්‍රය දැඩි විවේචනයන්ට ලක් කරන ලදී.

 

කෙසේ වෙතත් බාහිර ලෝකයෙන් සඟවා ගත් දැඩි මර්දනකාරී ප්‍රතිපත්තියක් අනුගමනය කරන චීන රජය මෙම විරෝධතා අතරතුර සිය ගණනක් පුද්ගලයින් අත්අඩංගුවට ගෙන ඇති බවට මානව හිමිකම් ක්‍රියාකාරීන් චෝදනා කරන අතර එම චෝදනා එකහෙළා ප්‍රතික්ෂේප කරමින් චීන බලධාරීන් කියා සිටින්නේ පුද්ගලයින් කිහිප දෙනෙකු පමණක් අත් අඩංගුවට ගෙන ඇති බවයි.

views

230 Views

Comments

arrow-up