මැතිසබයට තරඟ වදින ඉතාලියේ ශ්‍රී ලාංකික කාන්තාව

මිලානෝ නගරයේ පැවැත්වෙන පළාත් පාලන මැතිවරණයට නාමයෝජනා ලබා ගැනීම සඳහා සමත්වූ එක්ම විදේශීය කාන්තාව බවට පත් වීමට ශ්‍රී ලාංකික කාන්තාවක් සමත් වී සිටී.
දැනට පාලන බලය හිමි P. D. නොහොත් Partito Democratico පක්ෂයෙන් ඇය තරග වැදීමට නියමිතය. ඉතාලියේ පුරවැසිභාවය ලබා විවිධ සමාජ සත්කාර සේවාවන්වල නියුතු වෙමින් මිලානෝ නුවර ජනප්‍රිය චරිතයක් බවට ඇය පත්වී සිටී. 1984 වසරේ ඇය ඉතාලියට පැමිණ තිබේ.
ඇය ප්‍රකාශ කර සිටියේ, වසර 38 ක් පුරා මිලානෝ නගරයේ ජීවත් වන ඇය සමස්ත විදේශගත ප්‍රජාවම නියෝජනය කරමින් මෙවර පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වන බවයි.
ශ්‍රී ලංකාවේ ආර්ථිකය නගා සිටුවීම සඳහා ඇප කැප වන බවත්, සියලුම විදෙස්ගත ශ්‍රමිකයන් මුහුණදෙන ගැටලු වලට විසඳුම් ලබා ගැනීම සඳහා අවශ්‍ය මැදිහත්වීම් කරන බවත් ඇය වැඩිදුරටත් සඳහන් කළාය.
"ගොඩක් දේවල් අපේ රටට කරන්න තියෙනවා. කෙටියෙන් කියනවා නම් දරුවෝ, වැඩිහිටියෝ සහ අපේ රටේ සංචාරක ව්‍යාපාරය. මොකද අපේ රටට දැන් වෙලා තියෙන දේ. මගේ ඇටකටු මස්, නහරවලින් මම මේ රටට ආවත් අවුරුදු 38 ක් මම මේ රටේ ජීවත් වුණත්, පුරවැසිභාවය අරගත්තත් මගේ ඇඟේ තියෙන්නේ සිංහල ලේ"
ඇය කියා සිටී.
211 Views
Comments