FEB
06
තුර්කියේ ඛේදවාචකයේ අලුත්ම තතු (UPDATED)

තුර්කිය සහ සිරියාව අතර දේශසීමාවේ ඇතිවූ භූ කම්පනය හේතුවෙන් 100කට අධික පිරිසක් මරණයට පත්වී ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කරයි.
මරණ ගණන තවත් වැඩි විය හැකි බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එම භූ කම්පනයේ ප්‍රබලත්වය රිච්ටර් මාපකයේ 7.8ක් ලෙස දැක්වුණි.
මේ වනවිට තුර්කි සහන කණ්ඩායම් මළ සිරුරු 76ක් පමණ සොයාගෙන ඇති අතර සිරියානු බලධාරීන් පැවසුවේ ඔවුන්ද සිරුරු 42ක් සොයාගත් බවයි.
ජාත්‍යන්තර මාධ්‍ය පැවසුවේ තුර්කියේ "Gaziantep" නම් ප්‍රදේශයට එයින් වැඩිම හානියක් සිදුව ඇති බවයි.
217 Views
Comments