නිදහස් උත්සවය අවලංගු කරයි
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
30

නිදහස් උත්සවය අවලංගු කරයි

නිදහස් උත්සවය අවලංගු කරයි

 

ටැන්සානියාවේ ජාතික නිදහස් උත්සව සැමරුම අවලංගු කිරීමට ටැන්සානියාවේ ජනපතිනී සමියා සුහුලු හසන් මහත්මිය කටයුතු කළා.

 

සෑම වසරකම දෙසැම්බර් 9 වැනිදාට ටැන්සානියාවේ ජාතික නිදහස් දිනය යෙදී තිබේ.

 

ටැන්සානියාවේ 61 වන නිදහස් දින උත්සවය සඳහා ඩොලර් 445,000 ක් (රුපියල් මිලියන 160.2) වැය කිරීමට නියමිතව තිබූ අතර උත්සවය අවලංගු කරමින් එම මුදල රට පුරා ප්‍රාථමික පාසල්වල නේවාසිකාගාර අටක් ඉදිකිරීමට වෙන් කිරීමට ඇය කටයුතු කළා.

 

ටැන්සානියාව නිදහස් සැමරුම් අවලංගු කළ පළමු අවස්ථාව මෙය නොවන අතර 2015 දී එවකට ජනාධිපති ජෝන් මගුෆුලි සැමරුම් අවලංගු කර වාණිජ අගනුවර වන ඩාර් එස් සලාම් හි මාර්ගයක් ඉදිකිරීමට අරමුදල් හරවා යවා තිබේ.

 

2020 දී ඔහු එයම කළ අතර වෛද්‍ය පහසුකම් මිලදී ගැනීමට අයවැය භාවිතා කරන ලෙස උපදෙස් ලබා දෙනු ලැබුවා.

වත්මන් ජනාධිපති හසන් ටැන්සානියාවේ පළමු කාන්තා රාජ්‍ය නායිකාව වනවා.

views

95 Views

Comments

arrow-up