JAN
30
පාකිස්ථානයේ පල්ලියක මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක්

පාකිස්ථානයේ පෙශාවර් නගරයේ මුස්ලිම් පල්ලියකට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල වී තිබේ.
අද (30) දහවල් 1.40ට පමණ යාඥා මෙහෙයක් පැවැත්වෙමින් තිබූ අතරතුර මෙම ප්‍රහාරය එල්ල වී ඇති බව වාර්තා වේ.
මෙම ප්‍රහාරයෙන් අවම වශයෙන් පුද්ගලයන් 20 දෙනෙකු මියගොස් ඇති අතර තවත් පුද්ගලයන් 100කට ආසන්න පිරිසක් තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
බෝම්බය පුපුරා යාමත් සමඟ පල්ලියේ කොටසක් කඩා වැටී ඇති බව ද වාර්තා වේ.
204 Views
Comments