තුර්කියේ අලුත්ම තත්වය - නවතම වාර්තා - ශ්‍රී ලාංකිකයෙකු ගැන තවම තොරතුරක් නෑ
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
06

තුර්කියේ අලුත්ම තත්වය - නවතම වාර්තා - ශ්‍රී ලාංකිකයෙකු ගැන තවම තොරතුරක් නෑ

තුර්කියේ අලුත්ම තත්වය - නවතම වාර්තා - ශ්‍රී ලාංකිකයෙකු ගැන තවම තොරතුරක් නෑ

ලොවම සසල කරමින් සිදු වූ තුර්කියේ භූමිකම්පාවෙන් සහ ඉන් පසු ඇති වූ පසු කම්පන මාලාව හේතුවෙන් දිවි අහිමි වූ සංඛ්‍යාව 1500 ද ඉක්මවා ඇති බව විදෙස් වාර්තා හෙළි කරයි.

 

මුල් කම්පනයට පසු වරින් වර පසු කම්පන 18ක් පමණ ඇති වූ බව මාධ්‍ය වාර්තා සඳහන් කරන අතර, ගලවා ගැනීමේ කණ්ඩායම් තවමත් යුහුසුලුව ක්‍රියාත්මක වෙමින් සිටින බව විදෙස් රූපවාහිනී නාළිකා සඳහන් කරයි.

 

එසේම, මේ දැන් ලැබුණු පුවතකින් හෙළි වූයේ මෙම භූ කම්පනය ඇති වූ කලාපය තුළ ශ්‍රී ලාංකිකයින් නව දෙනෙකු ජීවත්ව සිට ඇති බවයි. කෙසේ වුවත්, ඔවුන්ගෙන් අට  දෙනෙකුම මේ වන විටත් තානාපති කාර්යාලය හා සම්බන්ධ වෙමින් තමන් ආරක්ෂිත බව දැනුම් දී ඇතැයි ද වාර්තා වේ.

 

අනෙක් ශ්‍රී ලාංකිකයා සම්බන්ධයෙන් තවමත් තොරතුරක් වාර්තා වී නැති බව තානාපති කාර්යාල ආරංචි මාර්ග වැඩි දුරටත් කියා සිටී.

 

මෙම ඛේදවාචකයෙන් හානියට පත් තුවාල කරුවන් සහ  මරණ සංඛ්‍යාව තවත් ඉහළ යන්නට ඉඩ තිබේ යැයි විදෙස් මාධ්‍ය වල අදහසයි.


 

views

256 Views

Comments

arrow-up